අද වන විට ලෝකයේ බහුලවම සහ ප්‍රධානවම භාවිතා වන පරිගණක මෘදුකාංග භාශාව ලෙසම ඉදිරියෙන්ම සිටින්නේ JAVA තාක්ෂණයයි.ඇයි මෙහෙම වෙන්න හේතුව?? ඉතාමත් කෙටි කලක් තුල අංක එක මෘදුකාංග භාෂාව වීමට තරම් JAVA වල ඇති විශේෂත්වය කුමක්ද??
1991 දී James Gosling විසින් මග පෙන්වීම් යටතේ "Green Team" යන නමින් හඳුන්වන ලද සන් මෘදුකාංග ඉංජිනේරුවන් විසින් නිෂ්පාදනය කරන ලද ලොව විප්ලවයකට ලක්වූ පරිගණක භාශාවකි JAVA පරිගණක භාශාව.
JAVA මේ තරම් ජනප්‍රිය වීමට හේතුව නම් එම පරිගණක භාශාව විවෘත වීමයි.එනම් ඕනෑම කෙනෙකුට අවසර ඇතුව අලුතෙන් යමක් එක් කිරීමට, ඉවත් කිරීමට සහ ඕතියක් නෑම කෙනෙකුට JAVA තාක්ශණය ඉගැන් වීමට, කිසිදු කෙනෙකුට තහනමක් නොමැති බවයි.
එපමනක් නොව "JVM" නැමති කුඩා මෘදුකාංගය පරිගණකය තුල ස්තාපිත කරගත් විට JAVA භාශාව ඕනෑම Operating System එකක් තුල එතා ලෙහෙසියෙන් ස්තාපිත කර ගත හැක.එම නිසා අනිකුත් පරිගනක භාශා මෙන් Operating System එක මත JAVA තාක්ශණය රඳා නොපවතියි.
නූතන වෙබ් අඩවි සමීක්ශණ වාර්තා අනුව තහවුරු වන්නේ ද JAVA තාක්ශණය ලොව අංක එකේ පරිගණක භාශාව බවයි.



No comments:
Post a Comment